මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම ගත් තීරණය.!

පළාත් පාලන මැතිවරණය 2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ අතර එම ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළද ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවු හේතු මත ඡන්ද විමසීම කල්දැමීමට සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන නඩු කටයුතු මත අධිකරණය ලබාදෙනු ලබන තීරණය මත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් විමසීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරනු ඇති බව සදහන් කරයි.

මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා ගත් සියලුම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් ගනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close