මෙරට තරුණ තරුණියන්ට මේ වසරේදී හිමිවන කොරියානු රැකියා අවස්ථාවන්.!

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ කොරියානු සංචාරය අතරතුර
කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ සමඟ සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවක් සිදුවූ බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වාර්තා කර තිබිනි.

එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සඳහා මේ වනවිට පවතින කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා ලබාදෙන රැකියා අවස්ථාවන්ට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ප්‍රකාශ කළ බව සඳහන්‍ වේ.

එමෙන්ම පසුගිය කාලසීමාව තුල පැවති අර්බුදයන් හමුවේ නැගොඩනැගෙන ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යැම සඳහා උපකාර කරන බවද කොරියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව හා කොරියාව අතර ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් වීමට මෙකී කාරණා ද එක්වන බවත් කොරියානු අග්‍රාමාත්‍යවරයා පවසා තිබූ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව තවත් පුළුල් කිරීම කෙරෙහිද අග්‍රාමාත්‍යවරුන් දෙපළ මෙහිදී සාකච්ඡා කළ බව වාර්තා වේ.

කොරියානු රජය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, අනුපම පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රී පානබොක්කේ, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මෙම සාකච්ඡාව සදහා එක්ව තිබුනි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement