දකුණු කොරියාවේ ග්වන්ජු නගරයේ පැවැති විරෝධතාවක් කෘෘර ලෙස මර්දනය කළ එවක ජනාධිපති චන් ඩූ වාන් කළ අපරාධය සම්බන්ධයෙන් ඔහුගේ මුණුබුරා සමාව ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1980 වසරේ ග්වන්ජු නගරයේ විරොධතාව මර්දනයේදී පුද්ගලයින් 200ක් පමණ ඝාතනයට ලක්ව ඇති අතර ඒ පිළිබඳ 27 හැවිරිදි චන් වූ වන් මෙලෙස සමාව ඉල්ලා ඇත.
ඔහුගේ නායකත්වයෙන් යුතුව දකුණු කොරියාවේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූ අතර පසුව රටට පැනවූ හමුදා නීතියට එරෙහිව ග්වන්ජු විරෝධතා ආරම්භ වූ අතර එය කෘෘර ලෙස මර්දනය කිරීමට චන් ඩූ වාන් කටයුතු කර ඇත.
අනතුරුව චන් ඩූ වාන් 1995 වසරේදී අත්අඩංගුවට ගත් අතර එහිද වරද පිළිනොගත් ඔහුට මරණීය දණ්ඩනය හිමි වු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.