කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී හෙට (04) දින දහවල් 12.00ට ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සදහන් කළේ,
“සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට දවසේ දවල් 12 කොළඹ කොටුවෙදී දැවැන්ත ව්‍යාපාරයක් පවත්වනවා. දසදහසකට වැඩි පිරිසක් කොළඹට රැගෙවිත් විරෝධය පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ.
වෘත්තීය සමිති එකමුතුව හැටියට 10 වනදා කොළඹදී දැවැන්ත විරෝධතා රැළියක් පවත්වනවා. ඉල්ලන්නේ වැඩ වර්ජන නම් වැඩ වර්ජන දෙන්නත් සූදානම්.”
තවද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සදහන් කළේ,
“අද සමස්ථ වෘත්තීය සමිත එකතුවෙලා තීරණයක් ගත්තා මේ අසාධාරණ නීතිවලට විරුද්ධව කටයුතු කරන්න. ඒ වගේම රටේ සමස්ථ මහජනතාව වෙනුවෙන් මේ වෘත්තීය සමිති මෙතනින් එහාට පෙනී සිටින බව අපි පැහැදිලිවම කියනවා.”