කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් වස්සාවුල්ල, ඉලුක්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඔහුගේ 18 හැවිරිදි පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධය වසන් කිරීම සහ ඝාතනයක් සඳහා ආධාර අනුබල දීම සහ චෝදනා මතයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මියගිය තරුණයා පසුගිය 22 වනදා සිය පෙම්වතිය සිදුකළ ආරධනාවක් මත කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට යෑමෙන් පසු අතුරුදන්වු අතර ඔහුගේ මළ සිරුර හලාවත මාදම්පේ කැලෑවක තිබියදී පසුගියදා සොයා ගැනුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය වස්සාවුල්ල පදිංචි පෙම්වතියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නමැත්තා සහ ඔහුගේ බිරුඳ වන දිලානි රසිකා යන අයද මීටපෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.