මෙරට පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය (www.spicelk.com) කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් (03) දින එළි දැක්වීය.
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ගේ ගුණාත්මක නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ වෙත ගෙනයාමේ අරමුණ ඇතිව මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ සදහන් කළේ,
“කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය ආරම්භකර වසර 1 ½ ක් වැනි කෙටි කාලයක් තුල දේශීය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ කුළුබඩු විදේශ වෙළඳපලට යැවීමේ මූලික පියවර තබමින් මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වෙනවා.
වර්තමනයේ සමහර රාජ්‍ය ආයතන පාඩු ලබමින් වසා දමන තත්වයක පවතින අවස්ථාවක රාජ්‍ය ආයතනයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ටද අවස්ථාව සලසමින් ආදායම් ඉපයීමට කටයුතු කිරීම අගය කරනවා.
චීනය වැනි රටවල විශාල කුළුබඩු වෙළඳපලක් තිබෙනවා. අප එවැනි වෙළඳපළවල් වෙත පිවිසීමේ හැකියාවන් පිළිබඳව අවදානය යොමු කළ යුතුයි. එවැනි වෙළඳපළවල් වෙත පිවිසීම දේශිය සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ටද මෙන්ම වගාකරුවන්ට වැදගත් වෙනවා.”