කුමාර් ධර්මසේනගේ අතින් බරපතල වරදක් සිදුවී ඇති බවට අනාවරණයක්.!

දැඩි කතාබහට ලක්වූ පැවති 2019 වසරේදී එංගලන්තයේ පැවති එක්දින ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේ නවසීලන්තයට හිමිවීමට තිබූ ජයග්‍රහණය, එංගලන්තයට හිමිවීමට තරගය අවසානයේ සිදුවූ විශාල අත්වැරැද්දක් හේතු වූ බව Marais Erasmus වසර 5කට පසුව එංගලන්ත ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් අනාවරණය කර තිබේ, ඔහු එම තරගයේ පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළේය.

ලෝඩ්ස් පිටියේදී පැවති තරගයේ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින්, පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් අත් කරගත්තේය.

එම ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දු 3 සදහා හිමි වු ඉලක්කය ලකුණු 9කි.

එම පන්දු තුනෙන් පලමු පන්දුවට මුහුණදුන් බෙන් ස්ටෝක්ස් පහරක් එල්ල කරමින් ලකුණු 2ක් කරා පැති මාරු කරගනිද්දී පන්දුව රැකගත් නවසීලන්ත ක්‍රිඩක මාර්ටින් ගප්ටිල් පන්දුව කඩුලු රකින්නා වෙත යොමුකළ අතර එම පන්දුව බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇදී ගියේය.

එහිදී පිටියේ විනිසුරුවරු ලෙස කටයුතු කළ කුමාර ධර්මසේන තීරණය කළේ පිතිකරුවන් ලබා ගත් ලකුණු දෙකත්, අතිරේකව ලැබුණු ලකුණු 4ත් සමඟ එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක් හිමිවිය යුතු බවයි.

කෙසේවෙතත් ක්‍රිකට් නීති රීතින්වලට අනුව පන්දු රකින්නාගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා පැතිමාරු කරගෙන සිටියහොත් පමණක් පිතිකරුවෙකු ලකුණ සම්පූර්ණ කළ බව සැලකෙන අතර අවසන් මහා තරගයේ පුනරූපනවලින් පෙනීයන්නේ මාටින් ගප්ටිල්ගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාව වනවිට බෙන් ස්ටෝක්ස් සහ ආදිල් රශීඩ් දෙවැනි ලකුණ කරා පැති මාරුකරගෙන නොසිටි බවය.

කෙසේ වෙතත් තරගයේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ලබාදීමට තීරණය කෙරුණු අතර එහිදී වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලානය හිමිකරගත්තේය.

එංගලන්ත කන්ඩායමට ලකුණු 6ක් ලබාදීමෙන් තමන් අතින් සිදුවු වරද ඉතා බරපතල බව කුමාර ධර්මසේන විසින් ඊට පසුදින ඔවුන් රැඳී සිටි හෝටලයේදී කතාබහ බහකළ බව Marais Erasmus ඔහු ලබාදුන් සම්මුඛ සාකච්චාවේදී සඳහන් කර තිබේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close