රාජපක්ෂ බලය අතට ගෙන අහංකාරකම පෙන්නුවා.. කුමාරසිරි සියල්ල හෙළිකරයි.!

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ තම සමාජය ගිනුමේ (facebook) තබා ඇති සටහන පහතින්.

වැරදුණු හැටි ….

” ගෝඨා ගෝ හෝම් ” යන වැකියට යෝෂිත රාජපක්‍ෂගේ සම්බන්දයක් ඇති බවට දිලිත් ජයවීර කළ ප‍්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වේ. මෙය රජපක්ෂ පවුල මැදට අත හැරුණු කාල බෝම්බයක් වැනිය .එහි සත්‍ය අසත්‍ය බව මම නොදනිමි .එයින් දැන් රටේ ජනතාවට වැඩකුත් නැත.

කෙසේ වුවද රාජපක්‍ෂ දේශපාලනයෙන් දේශපාලනඥයින්ට බොහෝ දේ ඉගෙන ගත හැකිය.රාජපක්ෂ දේශපාලනයේ මුද්‍රාව වන්නේ මහින්ද රාජපක්‍ෂයන්ය .පවුලේ සැමට මුල සිට ආලෝකය වැටුනේ ඔහුගෙනි ;ඔහු ජනතාවාදී නායකයෙක් විය ; හිත හොඳ මිනිසෙකි ; බොහෝ දෙනෙක් ඔහුට ආදරය කළේ ඒ නිසාය.

රටට යමක් කළ නායකයෙකි ; ජනතාවගේ කැමැතෙන් දෙවරක් ජනාධිපති වුයේ තමා ගොඩ නගා ගත් පෞරෂය නිසා ය .එහෙත් ඔහු යම් තැනකදී වරද්දා ගත්තේය .ඔහුගේ බලය පවුලේ කීප දෙනෙකු අනිසි ලෙස පාවිච්චි කළේය .

වැරදුනේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය දෙකක් නොව එකක් සේ සලකා ක්‍රියා කිරීමට යාමෙනි .පවුලේ ඥාතීන් අනවශ්‍ය ලෙස දේශපාලනයටත් රාජ්‍ය පාලනයටත් සම්බන්ධ කළේය . නැත්නම් ඊට ඉඩ හැරියේ ය .ඒ නිසා ඔහුට එතෙක් තිබූ ජනතා ආකර්ෂණය ආදරය ගෞරවය අයිස් කන්දක් සේ දිය වී යාම ආරම්භය විය . තමන් සමඟ දිගු කාලයක් සිටි කල්‍යාණ මිතුරන් බොහෝ දෙනෙක් අහිමි කර ගත්තේය .

ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු තව තවත් තත්වය ආකුල ව්‍යාකුල විය . වියත් මගත් පුපුරා ගියේය ;පාලනය විකාර රූපී විය ; ජනාධිපති ලෙස ගෝඨාභය ද ඥාති සංග්‍රහය තවත් ශක්තිමත් කළේය. බලය ගත්ත ද බලය පවත්වාගෙන යාමට තිබිය යුතු ප්‍රත්‍යක්ෂ ඥානය ඔහුට තිබුනේ නැත .සොයුරු මහින්දගේ අත්දැකීම් වලින් ගත යුතුව තිබූ දේ ගත්තේ ද නැත.

දේශපාලනය නොදන්නා නිසා දුර දිග නොබලා ක්‍රියා කිරීමෙන් ජනතාවගේ වෛයරයට ක්‍රෝධයට ගෝඨාභය ගොදුරු වූයේ ඉතා වේගයෙනි .රටට යහපත් දෙයක් කරන්නට සිතා සිටියත් එය ඊට ද ඉඩ නොලැබුණි. අවසානයේදී ඔහුට අත් විඳීමට සිදු වු ඉරණම ගැන කවුරුත් දනිති .

*ජනප්‍රියත්වය වැරදි ලෙස තේරුම් ගැනීම .
*අත්මර්ථකාමිත්වය .
*බලයෙන් අහංකාර වීම .
*බලය සැමදා ඇතැයි සිතීම
*තමන්ට සිටි කල්‍යාණ මිතුරන් අහිමි කර ගැනීම .
* සීමාවක් නැති ව ඥාති සංග්‍රහයේ යෙදීම .

මේ සාධක රාජපක්‍ෂවරුන්ගේ පරිහානියට හේතු විය. ඔවුන් තවමත් එය තේරුම් ගෙන සිටී ද යන්න ප්‍රශ්නයකි. ඉහත කරුණු අනාගතයේ නායකයන් වීමට බලා සිටින සියලු දෙනාත් දනට සිටින නායකයන් සියලු දෙනාත් සිහිපත් කර ගන්නේ නම් යහපති.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close