කළුගන්තොට සිංහයා නික්ම යද්දී ගුවනින් මල් වැසි ඇද හැලෙයි.!

මෙරට දේශපාලන ඉතිහාසයේ කළුගංතොට සිංහයා නමින් මහත් ප්‍රසිද්ධියට පත් ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (30) පස්වරුවේ මතුගම ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

එතුමා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යනවිට වන විට 74 වන වියේ පසුවිය.

1950 වසරේ උපත ලැබූ කුමාර වෙල්ගම මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර 1982 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගලවත්ත ආසන සංවිධායකවරයා ලෙස දේශපාලනට පිවිස ඇති බව සඳහන්.

වසර 30ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා එතුමා 1994 වර්ෂයේ  පාර්ලිමේන්තුවට පිවිස ඇති අතර අමාත්‍ය ධුර කිහිපයක්ද දරා ඇත.

කළුගංතොට සිංහයා නමින් කළුතර ජනතාව අතර ආදරයට පාත්‍ර වූ වෙල්ගම මහතා අද පස්වරුවේ මහත් හරසරින් යුතුව රිය පෙරහැරකින් සිය අවසන් ගමන මතුගම ආදාහනාගාරය දක්වා ගෙන ගිය අතර එහිදී ගුවනින් මල් වරුසාද ඉසිනු ලැබීය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement