කොළඹ කුණු කානුවක කාන්තා මල සිරුරක්.. දූෂණයට ලක්ව ඇති බවට සැකයක්.!

ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කොළඹ ප්‍රදේශයේ කුණු කානුවක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.

පොලීසියට ලැබුනු ඇමතුමකට අනුව ඊයේ (29) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේ කානුවක තිබියදී මෙම කාන්තා මළ සිරුර සොයාගෙන ඇත.

එහි අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැම්පත් කර ඇත.

මියගිය කාන්තාව වයස අවුරුදු 45 ත් 50 ත් අතර උස අඩි 4 අඟල් 09 ක් වූ අයෙකු වන අතර ඇය කහ මල් සහිත රතු ඇඳුමකින් සැරසී සිට ඇති අතර දූෂණයට ලක්ව ඇති බවට සැක කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close