By unusuma.lk on
(LK time)අඛණ්ඩව වසර 36 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ තමා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තු නොවන බවත් විවේක සුවයෙන් සිටීමට බලාපොරොත්තු වන බවත්ය.
කෙසේවෙතත් මෙවර මහ මැතිවරණයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග වැදීමට නියමිත බවට නිල නොලත් තොරතුරු වාර්තා වෙයි.