ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත ‘අදිටන විශ්‍රාමික රණවිරු’ නම් රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් කියා සිටියේ රටක දේශපාලනය යනු කාලගුණය මෙන් නිතර වෙනස් වන දෙයක් බවත් ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බවත්ය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග නොකරනු ඇති බවත් තරගය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතර පමණක් බවත්ය.
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකට ජාතික ජන බලවේගය සූදානම්. පොහොට්ටුවේ සිටින සමහර මන්ත්‍රීන් ඇමැතිම් ලබාගන්න ආණ්ඩුවට හේත්තු වෙලා සිටියට පොහොට්ටුවේ පහළ මට්ටමේ පිරිස අද එකතුවෙලා ඉන්නේ ජාතික ජන බලවේගය සමඟ.
නිදහසින් පසු වසර 75ක් මේ රට පක්‍ෂ දෙකක් විසින් මාරුවෙන් මාරුවට පාලනය කළා. එම කණ්ඩායම තවත් වසර 5ක් රට පාලනය කිරීමේ උත්සායක යෙදෙනවා.
ලාල් කාන්තම කියනවා පොහොට්ටුවෙ පහල බලවෙගය මාලිමාවෙ කියලා. ඒක එකාට මඩ ගහන සංස්කෘතියක් මාලිමාවෙ බිහිවෙලා තියෙන්නෙ ඒකයි. තිබුණු හොඳ නම නැතිවෙන්නෙ එකෙන් තමා.
සජිත් තරඟ කරන්නේ නැත්නම් රනිල්ට සහයෝගය දෙනවා කියලද කියන්නේ. මෙය දවල් හීන බලන කෙනෙක්.