ඉදිරි පැය 24 අවදානම්.. අනතුරු අඟවයි.!

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (15) පස්වරු 4.00 දක්වා නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හාලිඇල, හපුතලේ සහ හල්දුම්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර සහ උඩපළාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, දෙහිඕවිට, වරකාපොළ සහ මාවනැල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, ඉඹුල්පේ සහ බලංගොඩ සඳහා නායයෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය නිකුත් කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement