පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සදහන් කරයි.
ඒ අනුව අද (19) දින අලුයම 03.00 සිට හෙට (20) අලුයම 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සදහන් කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහාත් මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 1 යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
පවතින වැසි තත්වය තවදුරටත් පවතින්නේනම් පස් කඳු කඩා වැටීම්, ගල් පෙරලීම් සිදුවිය හැකි බැවින් බෑවුම් ආශ්‍රිතව සිටින ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවිම ඉතා වැදගත් බව එම සංවිධානය සදහන් කරයි.