රාජ්‍ය සේවකයින් පිරිසකගේ නිවාඩු අවලංගු කරයි.!

අද (23) දිනයේ සිට නොවැම්බර් මස (14) වනිදා දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සදහන් කරයි.

වෙතත් අසනීප තත්ත්වයක් හෝ අත්‍යාවශ්‍ය කටයුතක් සඳහා නිවාඩු ලබාගැනීමට අවශ්‍ය නම් පළාතේ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව නිවාඩු අනුමත කර ගැනීමේ හැකියාව පවතින බවද සදහන් කරයි.

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව ලියාපදිංචි තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාරගැනීම අද දිනයේ සිදුකිරීමට නියමිතව බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සදහන් කරයි.

Loading