පසුගිය අප්‍රේල් (15) වන දින සිට තම පියා අතුරුදන් බවට පුතා විසින් පෙරේදා (17) දිනයේදී මැදගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇත.
අනතුරුව පොලීසියට 119 මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයකට අනුව මැදගම පොලිස් වසමේ කොටබෝව ප්‍රදේශයේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක් හමුවී ඇත.
පොලිසිය සඳහන් කළේ, එම මරණකරු අලුත්වල, කොටබෝව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බවයි.
අනතුරුව මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.