එළඹෙන අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් (12) සහ (13) යන දෙදින විශේෂ අවසර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
එහෙත් සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්ර ලත් ස්ථාන සඳහා එය අදාළ නොවන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.