එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව නව ගෑස් සිලින්ඩර 15,000 ක් ලැබීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කරයි.
එම හිස් ගෑස් සිලින්ඩර ආනයනික පිරිවැයටම ජනතාවට දීමට කටයුතු කරන බවත් තරගකාරී ගෑස් ආයතනයට සාපේක්‍ෂව එය අඩු මිලක් බවද සභාපතිවරයා සදහන් කරයි.
එම නව සිලින්ඩර සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට අවසන්ව ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කරයි.