පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවට කල ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හට හෙට (19) දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට නීතිපතිවරයාට දැනුම් දුන් බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සදහන් කරයි.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ තවදුරටත් සදහන් කළේ,
“නීත්‍යනුකූලව පොලිස්පතිවරයාට අවශ්‍ය නියමයන් හෝ උපදෙස් ලබා දෙන්න කියලා හිටපු නීතිපතිතුමා ඒ කියපු ප්‍රකාශය ත් එක්ක ඔහුගෙනුත් ප්‍රකාශයක් අරගන්න ඔහු මොන අදහසකින් ද මොන තොරතුරු මත ද මේක කිව්වේ කියලා රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මැතිතුමා ඔහු විශ්‍රාම යන දිනයේදී යම් කිසි ප්‍රකාශයක් කළා.
ඒ ප්‍රකාශය තමයි මේ තුළ අපි දකින දේට වඩා ඔබ්බට ගිය කුමන්ත්‍රණයක් තියෙනවා. මේක පිටිපස්සේ කවුරු හරි මහ මොළකාරයෙක් ඉන්නවා කියලා. ඒ පිළිබඳව අපිට බරපතළ ගැටලුවක් මතු වෙලා තියෙනවා. ඒ අදාළ කාල සීමාව තුළදී ම රටේ නීතිපතිවරයා විදියට කටයුතු කළේ ලිවේරා මහතා.
ඒ නීතිපතිතුමාට තමා බලතල තිබුණේ පොලිසියෙන් ගෙනල්ල දෙන පරීක්ෂණ වාර්තා ප්‍රමාණවත් නැත්නම් ඒ පිළිබඳව තවදුරට ත් පරීක්ෂණ කළ යුතුයි කියලා නියෝග දෙන්න. නිතීපතිතුමාට යම් බලතල තිබුණා තවත් යම් පුද්ගලයින් සම්බන්ධව පරීක්ෂා කරන්න ඕන නම් ඒ ලැබෙන තොරතුරු මත ඒ පුද්ගලයින් පිළිබඳව ත් පරීක්ෂා කරන්න කියලා නියෝග දෙන්න පොලිස්පතිතුමාට නීතිපතිතුමාට බලය තිබුණා.
නීතිපතිතුමාට බලය තිබුණා, මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා කරුණු වාර්තා කරලා යම් යම් අය සම්බන්ධ යි මේකට. යම් සිද්ධි අදාළ යි මේකට, ඒක නිසා මේක පරීක්ෂා කරන්න පොලිසියට නියෝග දෙන්න කියලා මහේස්ත්‍රාත්වරයාට කියලා නියෝගයක් ලබා ගන්නත් බලය තිබුණා.”