පසුගිය 2020 වසරේ සිට මෙම 2023 වසර දක්වා මුළු ලෝකයම උපයා ඇති අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 42ක් වූ සමස්ත ධනයෙන් තුනෙන් දෙකක්ම ලෝක ධනවතුන් අතර බෙදී ගොස් ඇති බව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුව අතරතුර අනාවරණය කර ඇත.
සියයට 1%ක් තරම් වූ ලෝක ධනවතුන් අතර සියයට 99%ක් වූ ලොව ඉතිරි ජනගහනය සතුව ඇති මුළු මුදලම මෙන් දෙගුණය ඉක්මවූ අධික මුදලක් මෙම ධනපතියන් සතුව ඇති බවද අණාවරණය කරයි.
ලොවපුරා බිලියන 1.7ක් වන කම්කරුවන් සිය වත්කම ඉක්මවූ උද්ධමනයක් පවතින රටවල ඉතාම අසීරුවෙන් ජීවත් වෙන පසුබිමක සෑම දිනකම ලොව ධනවතුන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 2.7කින් ඉහළ යන බව ඔක්ස්ෆෑම් වාර්තා සදහන් කරයි.