ලොව වයස්ගතම පුද්ගලයා වන ප්‍රංශ කන්‍යා සොහොයුරිය ලුසිල් රැන්ඩන් වයස අවුරුදු 118දී වැඩිහිටි නිවාසයකදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1904 වසරේ දකුණු ප්‍රංශයේ උපත ලද ඇය ලෝක යුද්ධ දෙකකට මුහුණ දුන් අතර ඇගේ ජීවිතයේ වැඩි කාලයක් කතෝලික ආගම වෙනුවෙන් කැප කළාය.
1944 දී කන්‍යා සොහොයුරියක් බවට පත් වූ ඇය පසුගිය 2022 වසරේදී ලොව වයස්ගතම පුද්ගලයාට හිමි ගිනස් ලෝක වාර්තාවටද හිමිකම් කීවේය.
පසුගිය අප්‍රේල් මාසයේදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය සදහන් කළේ “මිනිස්සු කියනවා වැඩ මැරෙනවා කියලා, මට වැඩ මාව ජීවත් කළා, මම 108 වෙනකම් වැඩ කළා.”
තවදුරටත් සම්මුඛ සාකච්ඡාවේදීම ඇය සදහන් කළේ, ස්වර්ගයේ සිටීම වඩා හොඳ වනු ඇති නමුත් සෑම දිනකම චොකලට් අනුභව කිරීම සහ වයින් වීදුරුවක් පානය කිරීම වැනි භූමික සැප සම්පත් භුක්ති විඳින බවයි.
-අනුරාධ වාසල