අද (21) දින 2024 ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය දහවල් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.
දේශීය ක්රීඩකයින් සහ විදෙස් ක්රීඩකයින් 420 දෙනෙක් මෙම වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්රීඩකයින් වේ.
මෙම තරගාවලියේ ක්රීඩා කිරීමට නියමිත කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් යොදවයි.