ඉන්දියාවේ තමිල්නාඩුව කේන්ද්‍ර කරගනිමින් කොටි සංවිධානය යළි නිර්මාණය වනු ඇති බවට ලැබී ඇති බුද්ධි තොරතුරු පදනම් කරගෙන ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීමට ඉන්දියාව කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඉන්දීය මධ්‍යම රජයේ මතය වී තිබෙන්නේ, එල්.ටී.ටී.ඊ සංවිධානය තවමත් රටේ ඒකාග්‍රතාවයට සහ ආරක්ෂාවට අගතියක් වන ක්‍රියාකාරකම්වල නිරත වන බවයි.
කරුණු සැලකිල්ලට ගනිමින් ඉන්දියාව තුළ දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානයේ තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය කටයුතු කර ඇත. ඒ 1967 වසරේ සම්මත කරගෙන ඇති නීති විරෝධි පනතේ උපවගන්ති 01 සහ 02 (3) වගන්තිය ප්‍රකාරව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
ඉන්දියාව ප්‍රථමයෙන් ම කොටි සංවිධාන තහනම ක්‍රියාත්මක කළේ 1992 වසරේදීය.