නැකැත් එකම කාලයේ යෙදීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැර සහ සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර සදහා අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් පිංනවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහැර සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න සදහන් කරයි.
එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න තවදුරටත් සදහන් කළේ,
“නැකැත් එකම කාලයේ යෙදීම නිසා පෙරහැරවල් දෙකට ම විශේෂයෙන් මහනුවර පෙරහැරේ අලි ඇතුන්ගෙන් කොටසක් සහභාගී වීම හේතුවෙන් අලි ඇතුන් සොයාගැනීමේ දුෂ්කරතාවයක් මහනුවර දළදා මාළිගාවට වගේම සිව් මහා දේවාලවලට අද මුහුණදීමට සිදුව තිබේ. විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව රජයේ වගකිව යුතු පිරිසට වරින් වර හීලෑ අලි ඇතුන් සංගමය විසින් දැනුවත් කිරීම් කළා. ජනාධිපතිවරයාවත් දැනුවත් කරලා තියෙනවා.”