ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂට තවදුරටත් සම්බාධක පැනවීමට G7 රටවල් එකතුකර සුදානම් බව කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි සදහන් කරයි.
රාජපක්ෂ වරුන්ට අමතරව තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි සදහන් කරයි.
රටේ සිවිල් ගැටුමේදී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවිය.
මේ සම්බන්ධයෙන් දමිල මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය මෙලනි ජොලි සදහන් කළේ,
“අපි මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා වගේම යුක්තිය ක්‍රියාත්මකවීම සම්බන්ධවත් අවධානයෙන් සිටියා. කැනඩාව සෑමවිටම මානව අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කරනවා. ඒ වගේම කැනඩාව වසර ගණනාවක් පුරාවට වගවීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රශ්න කිරීමට කටයුතු කළා.
වගවීම පිළිබඳව ප්‍රශ්නයක් පවතින්නේ නම් එවිට ජාත්‍යන්තර නීතීය ක්‍රියාත්මකවීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි අපි රාජපක්ෂ සහෝදරයින්ට සහ අනෙක් අයට ශක්තිමත් සම්බාධක පැනවීමට තීරණය කළේ.මේ හරහා ඔවුන් සතුව කැනඩාවේ ඇති වත්කම් තහනම් කරනු ලබන අතර ඔවුන්ට කැනඩාවට ඇතුළත්වීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ.
ඒ වගේම G7 රටවල් මෙවැනි පියවර ගැනීමට අවශ්‍ය පෙළඹවීම සිදුකිරීමයි අපේ අරමුණ.මම ඔවුන්ගේ අවධානය යොමුකරවනවා. ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සමාජය දන්නවා මෙය තමයි ගැටලුව බව. සාමය ළඟා කරගැනීමට නම් සත්‍යය පෙන්වා දිය යුතු බව ඔවුන් දන්නවා.”