පොදුජන පෙරමුණ පක්ෂයේ නායකයා ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ කටයුතු කරන බව මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අද (17) දින සදහන් කරයි.
හිටපු අගමැති මහින්ද රාජපක්‍ක්‍ෂ හැර පොදුජන පෙරමුණට විකල්ප නොමැති බවද මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කරයි.
ලංකාවේ වැඩි සංවර්ධනයක් කළ, වැඩිම මහජන ගෞරවයට පත්වූ මෙන්ම නිදහසෙන් පසුව වැඩි සේවයක් කළ නායකයා මහින්ද රාජපක්‍ෂ බවද සාගර කාරියවසම් සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මාධ්‍ය හමුවේදී අදහස් කළේ නායකත්වයේ වෙනසක් නොව නව මෙහෙයුම් ක්‍රියාවලියක් පිළිබඳව බවද සාගර කාරියවසම් සදහන් කරයි.
තවදුරටත් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සදාරණීය නායකයා මහින්ද රාජපක්‍ෂ බවත් එහි කිසිදු වෙනසක් නොකරන බවද සාගර කාරියවසම් තවදුරටත් සදහන් කරයි.