අධිකරණය නොමග යවන ගම්මන්පිලගේ පහත් උත්සාහය.!

මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බවත් එය රටේ අධිකරණය නොමඟ යවන සුළු එකක් බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

වෙනත් අන් කිසිවකුගේ ප්‍රකාශයක් සාවද්‍ය ලෙස නිරූපණය කරමින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා රටේ මහජනතාව නොමඟ යැවීම සදහා උදය ගම්මන්පිල ගන්නා පහත් උත්සාහය  බැහැර කරන බව කතානායකවරයා සදහන් කරයි.

කතානායකවරයා ප්‍රකාශ කළේ යැයි සඳහන් කර යම් කරුණක් ගැන අදහස් පළකරන්නේ නම් වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ගම්මන්පිල ඊට ප්‍රථමයෙන් හැන්සාඩ් වාර්තාවූ අදාළ පටිගත කළ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිවැරදි ලෙස පරිශීලනය කිරීම යෝග්‍ය බවද සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close