පලස්තීනයට පහරදීම නතර කළ යුතුයි.!

පලස්තීන ජනතාවට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

පලස්තීන – ඊශ්‍රායල් ප්‍රශ්නය සඳහා ලෝක නායකයන් හා සංවිධාන එක්ව කඩිනම් පියවරක් ගැනීමට රටක් ලෙස ලෝකයට බල කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානයේ ආරම්භක සභාපතිවරයා ලෙස පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්නට තමාට හැකියාව ලබන බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

පලස්තීන භූමියේ සිදුවෙන ජන සංහාර නතර කරන ලෙසද අවධාරණය කරමින් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement