By unusuma.lk on
(LK time)පසුගිය ආණ්ඩුවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ මැතිවරණ කොමිසමට පැමිණ කොමසාරිස්වරයා හමුවී ඉල්ලීමක් සිදු කළේය.
හිටපු අමාත්‍යවරයා පවසන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ නව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ පොහොර සහනාධාරය සහ ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවීම සිදු නොකළ යුත්තක් බවයි.
එමෙන්ම ඔහු පවසන්නේ හැකිනම් ගොවීන්ට රුපියල් 30,000/= සහනාධාරයක් ලබාදීමට කටයුතු කරනා ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
රුපියල් 30,000/=ක සහනාධාරයක් ගොවීන්ට ලබාදීමට තමා අමාත්‍යවරයාව සිටි වකවානුවේ තීරණය කළ නමුත් අවසන් අධියරේ තිබූ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකිවූයේ ජනාධිපතිවරණය හේතුවෙන් බවත් ඔහු පවසයි.
එමෙන්ම එම සහනාධාරය ලබාදීමේ දේශපාලන වාසිය කුමන පාර්ශවයක් වෙත බැර වූවත් තමා ජනතාව වෙනුවෙන් ලබාදෙන එම සහනාධාරය වෙනුවෙන් පෙනී සිටිනා බවත් අමරවීර මහතා අවධාරණය කළේය.
ගන්නනම් එපා.