රජයේ ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පත් කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී අදාළ තනතුර සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාව, මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විසින් යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා විසින් එය ස්ථිර කළේය.
රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ භෞතික සැලසුම් පිළිබඳ අධීක්‍ෂණය සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාව කටයුතු කරයි.