පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අධිකරණය නියම කළ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිඳු හැකියාවක් නොමැති බැවින් ජනතාවගෙන් මුදල් රැස්කිරීමේ අරමුදලක් පිහිටුවීමට තීරණය කල බව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන අද (19) දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන තවදුරටත් සදහන් කළේ,
“නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා. කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ මට. ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕනේ. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා. සහෝදරයෝ වුනාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස් වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර 05 නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ දැම්මා.”