ප්‍රභාගේ මරණය ගැන මෛත්‍රීගෙන් ප්‍රකාශයක්.!

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන ජාන පරීක්ෂණය පිළිබඳව තමන්ට කිසිදු දැනීමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය හමුවකදී සදහන් කරයි.

වේලුපිල්ලේ ප්‍රභාකාරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ ජාන පරීක්ෂාව සම්බන්ධයෙන් කිසිවෙකු කිසිම තොරතුරක් තමන්ට ප්‍රකාශ නොකළ බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කරයි.

එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ රටින් බැහැර වූ අවස්ථාවේදී වැඩ බලන සේනාධිනායකයා වූයේ තමන් බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කරයි.

එහෙත් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ කාලයේ විදේශ රටක සිටියද යුද්ධයට ඔහු එම ස්ථානවල සිටම අණ දුන් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

තමන් යුද්ධයේදී අවසන් සති දෙකක් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළ බවත් තමන් ඒ ගැන කිසිදු දෙයක් නොදන්නා බවත් තමන්ට කවුරුත් කිසිම දෙයක් නොකී බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close