මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගන්නා හැටි පොලිස්පති කියයි.!

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කරන පාස්කු ප්‍රහාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගනු ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාට පොලීසිය විසින් කළ දැනුම්දීම අනුව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණියහොත් අධිකරණයට දැනුම් දී ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකි බවද පොලිස්පතිවරයා සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා ලබාදෙන ප්‍රකාශය අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර එහි අවසානයේ අත්අඩංගුවට ගැනීමට තත්ත්වයක් උද්ගත වුවොත් ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බවද පොලිස්පතිවරයා සදහන් කරයි.

පොලිස්පතිවරයා තවදුරටත් සදහන් කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගැනීමට දැනට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් ඇතැමුන් එසේ පවසන චෝදනාව කිසිදු පදනමක් නැති බවයි.

Loading

RSS