මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය.!

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අනාවරණය  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන අද (25) පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.

අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් ලබාදී එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලීසිය වෙත දැනුම්දී ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් රටට හෙළිකිරීමට නියමිතය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය (22) වැනිදා මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව සදහන් කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close