මෛත්‍රී පක්ෂය විකුණා මුදල් ගනී.? වහාම නීතිමය පියවර ගන්න.!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලැබුණු ආකාරය පිළිබඳව විමර්ශනයක් කර සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට අති බවට සදහන් කරමින් එම පක්ෂයේ හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර අල්ලස් කොමිසමට ලිපියක් යොමු කර ඇත.

අල්ලසට හෝ දූෂණයට එරෙහි පුරවැසියෙකු ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයකු ලෙසත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන අතර ඉහත තොරතුරු පිළිබඳව කඩිනම් විමර්ශනයක් කර මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් තිබේ නම් ඒ අනුව කටයුතු කරන ලෙස මොන්ටේගු සරච්චන්ද්‍ර එම ලිපියෙන් ඉල්ලා ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement