මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරය මුල සිටම දන්නවා.. දැන් බොරුවට සුදු ලූණු පොඩි කරනවා.!

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

සිරිල් ගාමිණී පියතුමන් සදහන් කළේ,

” බඩු මල්ලක් දීලා, ඉටි පන්දම් පත්තු කරලා වින්දිතයින්ටත් රටේ මිනිස්සුන්ටත් කරන නිග්‍රහයක්. මේ විදියේ සුදු ලූනු පොඩි කිරීම අර්ථයක් නෑ.

රහස් ප්‍රකාශය හරියටම කවුරුත් දන්නේ නෑ නේ. අවුරුදු 5ක් පුරා කියා ගන්න බැරි වුණ දේ මොකද එක පාරටම. අපි විශ්වාස කරන්නේ නෑ. කොහෙත්ම ඔහු සති තුනකට කලින් ඔහු දැනුවත් වුණා කියලා.

අපි විශ්වාස කරන්නේ ඔහු එදා සිටිම දැනගෙන සිටියා කියන එක. මේකට ස්වාධීනව කටයුතු කළ හැකි විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයි.”

පොලිස්පතිවරයා කටුවපිටියේ කළ සංචාරය සහ වින්දිතයන්ගේ සුවදුක් විමසීමට යාම පිළිබඳව අප්‍රසාදය පළකිරීම සඳහා අගරදගුරු නිල නිවසේදී අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පැවසීය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close