මාලිමා ආණ්ඩුවක් යටතේ වැටුප් වැඩි කරන්නේ මෙහෙමයි.!

පසුගියදා ආණ්ඩුව විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ විධායක සභික ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ එම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය මුළාවක් සිදුකළ බවත් ඉන් සිදුවූයේ වතු හාම්පුතුන්ට උසාවි යෑමට සිදුවීම පමණක් බවත් ය.

එමෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරනා බව කියමින් ගැසට් ප්‍රකාශයට පත්කළද ඒ කිසිවක් මහපොළවේ ක්‍රියාත්මක නොවන බව ඔහු කියා සිටියේය.

ඉදිරියේදී බිහිවන ජනතාවාදී ආණ්ඩුවක් යටතතේ වැටුප් වැඩි කිරීමේදී සිදුකරන්නේ නිකරුනේ ගැසට් ප්‍රකාශ කිරීමක් නොවන බවත්, අවම වේතනය පිළිබඳව පාර්ලිමේන්තු පනතේ අවම වැටුප සංශෝදනය කිරීම බවත් විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියේය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement