ජේතවනාරාමයේ අකුණු සන්නායකය සොරා ගැනීම සම්බන්ධයෙන් සුපර් ස්ටාර් තරුවක් අත්අඩංගුවට.!

ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිරස සුපර්ස්ටාර් ගායන රියලිටි වැඩසටහනේ අවසන් වටයට තේරී පත්වුණු සුපිරි තරුවක් අත්අඩංගුවට පත්වී ඇත

මංජුල පුෂ්ප කුමාර නම් අදාළ සැකකාර ගායන ශිල්පියා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය තුන්වෙනිදා සවස 12.30ට පමණ උඩමළුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

කෙසේ වෙතත් එම සිද්ධිය අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ රූපවාහිනී මාධ්‍ය විසින් වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ ගායකයා තම නිල ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් එවැනි සිදුවීමකට සම්බන්ධ නොමැති බවත් මේ වන විට තමා නිවසේ පසුවන බවත්ය.

නමුත් අදාළ සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ සුපර්ස්ටාර් රියලිටි ගායක මැදවල ලේකම්ලාගේ මංජුල පුෂ්පකුමාර දයාරත්න නොහොත් මංජුල පුෂ්ප කුමාර බව තහවුරු වී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close