සජබයේ මන්ත්‍රීවරුන් රැසක් යළිත් එජාපයට.. මනුෂ හෙළිකරයි.!

ඉතිහාසයේ සිට රට වැටුණු වෙලාවල්වල සියලු ජනතාවගේ බර කරට ගෙන රට ගොඩ ගැනීම එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල බවට පත් කරගත් බව අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ වැඩ්ඩෙක් කියලා හැමෝම හිතාගෙන සිටිය බවත් දුන්නොත් කරයි කියලා හැමෝම හිතාගෙන සිටිය බවත් ප්‍රේමදාස නෙමෙයි, වැඩ බැරි දාස කෙනෙක් කියලා පෙන්නුව බවද අමාත්‍යවරයා සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා වෙනකම් අපේ නායකයා බවත් ඔහු තමන්ව පක්ෂයෙන් අයින් කළ බවත් විපක්ෂයේ හිටපු ගොඩක් මන්ත්‍රීවරුන් දැන් අපිත් සමග එකතු වී සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එම විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමග යළිත් එක් වීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය මනුෂ නානායක්කාර තවදුරටත් සදහන් කළේ,

“නායකතුමා මැයි දිනයක් සංවිධානය කළත්, ලොකු රැස්වීමක් සංවිධානය කළත් ඒ සියල්ලම භාරදෙන්නේ හරින්ට. ඒ වගේ දැවැන්ත සංවිධාන ශක්තියක් තියෙන පුද්ගලයෙක්. දේශපාලනයේ හැරවුම් ලක්ෂ ගණනාවක් ඔහු අරගෙන තියෙනවා. විශේෂයෙන්ම 2015දී එක්සත් ජාතික පක්ෂය බලයට ගේන්න, හැරවුම් ලක්ෂය වුනේ හරින්.

දින 52 වෙලාවේ අපි හැමෝටම ශක්තියක් වුනේ හරින්. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමන්ගේ මන්ත්‍රීධූරය අතහැරලා බදුල්ලට ගියා. සජිත් ප්‍රේමදාස කියන්නේ වැඩ්ඩෙක් කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. දුන්නොත් කරයි කියලා හැමෝම හිතාගෙන හිටියා.

ඒත් හරින් කියන්නේ වැඩ්ඩෙක් නෙමෙයි, වැඩ බැරි දාස කෙනෙක් කියලා පෙන්වන්නට හරින්ටයි මටයි පුලුවන්කම ලැබුණා. වැඩබැරි දාස කෙනෙක් කියලා රටට පෙන්නලා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න අපිට පුලුවන් වුනා. දැන් අයිමත් මට රට දෙන්න කියලා කියලා කියන්න ඔහුට අයිතියක් නෑ. ප්‍රේමදාස නෙමෙයි, වැඩ බැරි දාස කෙනෙක් කියලා පෙන්නුවා. සජිත් ප්‍රේමදාස පෙරේදා වෙනකම් අපේ නායකයා. පෙරේදා අපි පක්ෂයෙන් අයින් කළා.”

Loading

RSS