අපි වීදි බැහැලා කැරැලි ගහනවා.. මරික්කාර් ආණ්ඩුවටයි මාධ්‍යයටයි අනතුරු අඟවයි.!

සාහසික ලෙස කටයුතු කරන වත්මන් ආණ්ඩුවට සහ මාධ්‍යට අද දින සමගි ජන බලවේග මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් දැඩි අනතුරු ඇගවීමක් සිදු කරයි.

රටේ ජනතාව බිය වද්දන ආකාරයේ සාහසික මාධ්‍ය ප්‍රචාර සිදුකිරීමෙන් වළකින ලෙස එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි.

ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා ගෙවීම කල්දමමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ඉදිරියේදී තෙල් නැව්, ගෑස් නැව් ගෙන්වීම පමා කොට සාහසික කුමන්ත්‍රණයක් සිදු කිරීමට කැස කවමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

රටේ ඇතැම් මාධ්‍යද මේ වනවිට සාහසික කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවද එස්.එම්. මරික්කාර් තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close