තරුණියක් නිවස තුළ අභිරහස් ලෙස මරුට.!

ඉංගිරිය බෝධිනාගල යහලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති 25 හැවිරිදි තරුණියක් නිවසේ තනිව සිටියදී ඊයේ (11) දින පස්වරුවේ හදිසියේ මියගොස් ඇතිබව ඉංගිරිය පොලිසිය පවසයි.

බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්වී වැටී සිටින අයුරු දුටූ ඇගේ ස්වාමිපුර්ෂයා ඇය ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත ගෙනගොස් ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇති බව පොලිස් පරීක්ෂන වලදී හෙලවී ඇත.

තරුණිය මියයන අවස්ථාවේ ධාරානිපාත වර්ෂාවක් පැවති අතර ඇයට අකුණු අනතුරක් සිදුවී ඇතිබව පොලිසිය සැකකරයි.

ඇය විවාහ වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙරය.

තරුණිය වැටීසිටි ස්ථානය ආසන්නයේ විදුලි පේනුවක් බිත්තියෙන් වෙන්වී ඇති ආකාරයද නිරීක්ෂණය වී ඇත.

මරණයට හේතුව දැනගැනීම සදහා පශ්චාත් මරණ පරීක්ෂනයක් පැවැත්වීමට නියමිතය.

Loading

RSS