පසුගිය මැයි මස 09 වනදා නිවාස හානි සිදුවූ දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් ගොනුකර තිබු රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) දින නියෝග කර ඇත.
ඒ නිවාසවලට පහර දී ගිනිබත් කිරීම සම්බන්ධව විමර්ශනයක් කර අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒ සදහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනුකර ඇත.
එම ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් වන පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් එළඹෙන පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය අද නොතීසි නිකුත් කරයි.
පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහජන සාමය පිළිබඳ අමාත්‍යාශයේ ලේකම් ඇතුළු 18ක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරයි.