එජාපය සහ සජබය එකතු විය යුතුයි.. බෙදෙන්න හොද නෑ.!

විපක්ෂ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක සන්ධානයක් ලෙස කටයුතු කිරීම වඩාත් සුදුසු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සඳහන් කරයි.

මෙම පක්ෂ දෙකම අවබෝධතා ගිවිසුමට එකතුවීම වඩාත් සුදුසු බවත් පක්ෂ දෙකේම ප්‍රතිපත්තිය එකම වීම හේතුවෙන් ඒ වාසිය වෙනත් බලවේගයකට නොයායුතු බවද මන්ත්‍රී මයන්ත දිසානායක සඳහන් කරයි.

රටේ අන්තවාදී පක්ෂ වලට අනියමින් හෝ සහය දැක්වීම සුදුසු නැති බවත් මෙම පක්ෂ බෙදී සිටීමේ වාසිය ඔවුන්ට යන බවත් පක්ෂ දෙකම එකතු වී ඉදිරියට යා යුතු බව තම මතය බවද මයන්ත දිසානායක සඳහන් කරයි.

සමගි ජන බලවේග පක්ෂය හැර යාමට කිසිම අදහසක් නැති බවත් රජයට එක්වීමට අදහසක් නැති බවද මන්ත්‍රී මයන්ත දිසානායක සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close