වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතිය සදහන් කළේ මෙරට සිදුවූ ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඊයේ(20) ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළ බවයි.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළේ 2022 හා 2023 වසර වලිදි ප්‍රමිතියෙන් තොර ඹෟෂධ ගෙන්විම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් ඹෟෂධ ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, මේ පිලිබද පසුගිය දා එලි දැක්වු විගණන වාර්තාවකින් තහවුරු වන බවත් ය.
ඒ අනුව මෙම පැමිණිල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලයට භාර දිමට කටයුතු කල බවත් ඒ සමඟ අදාල විගණන වාර්තවේ පිටපත් ද ඇතුලත් කල බවත් සභාපති වරයා පවසා සිටියේ ය.