අවුරුදු 60 පැන්න වයසක අන්කල්ලා 57ක් පාර්ලිමේන්තුවේ.!

වර්තමාන පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 40 ට අඩු සාමාජිකයන් ගණන 26ක් බවත් අවුරුදු 60 ත් 90 ත් අතර 57 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කරයි.

රටේ තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අවම බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

රටට නව පෙරළියක් අවශ්‍ය බවත් තාක්ෂණය සහ නවෝත්පාදනය හරහා අනාගත තරුණ පරපුරට ලොව ජයගත හැකි බවත් ඒ සදහා ඔවුන් යොමු කෙරෙන පරිසරයක් සැකසීම වගකීමක් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

එනිසා එවැනි තත්ත්ව පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ තරුණ සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement