ලංකාවෙන් හමුවු විශාලතම මැණික් පොකුරේ බොරුව හෙළිවෙයි.!

ලොව විශාලතම මැණික් පොකුර සම්බන්ධයෙන් යම් මුලාවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) (24) අනාවරණ කරයි.

කෝප් කමිටුව හමුවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී එම මැණික් පාෂාණය ගැන ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරය සහ වෘත්තීයභාවයට එහි නොගැලපෙන බව කම්ටුවේ සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා සදහන් කරයි.

තවද මේ වගේ ක්ලස්ටර්ස් ගල් හැම තැනම තිබෙන බවත් ඒවා සමහර ගරන උදවියගේ ගෙවල්වල මිදුල්වල තිබෙන බවත් එම ගල බොරුවක් බවද කම්ටුවේ සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා සදහන් කරයි.

කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා තවදුරටත් සදහන් කළේ,

“ඔබතුමාලා ලොකු සද්දයක් දැම්මා පහුගිය කාලේ මැණික් පාෂාණයක් ගැන, හැබැයි ඒක විකුණුනේ නැහැ ආපහු ආවා. අපිට තියන තොරතුරු අනුව මේ වගේ ක්ලස්ටර්ස් හැම තැනම තියෙනවා. අපිත් දැකලා තියෙනවා සමහර ගරන උදවියගේ ගෙවල්වල මිදුල්වලත් තියලා තියෙනවා. මේ වගේ බොරුවක් කෙරුවේ ඇයි.?

හිටපු සභාපතිවරයානේ මේ ලොකු කතාවක් කරලා ටී.වී වල දාලා ලෝකේ තියෙන ලොකුම මැණික් ගල හම්බුණා. මිල නියම කරන්න බැහැ, අරහෙන් මෙ‍හෙන් කිව්වේ, මම කියන්නේ නිලධාරීන් හැටියට කවුරු කිව්වත් ඔයාලගේ වෘත්තීය නිපුනත්වය බාල්දු වෙච්ච අවස්ථාවක්.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close