සැමියා රැකියාවට ගොස් එනවිට බිරිඳට සිදුකර තිබූ අපරාධය.!

මරදන්කේනි, තලෛයිඅඩි ප්‍රදේශයේදී තිදරු මවක් වන 44 හැවිරිදි කාන්තාවක් දුෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

ඇයගේ සැමියා ධීවර රැකියාව සඳහා ගොස් යළි නිවසට පැමිණි අවස්ථාවේදී ඇය නිවසේ වැසිකිළිය ඉදිරිපිට වැටී සිටිනු දැක වහාම පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති නමුත් එහිදී ඇය මියගොස් සිට ඇති බව වාර්තා වේ.

එහිදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එම කාන්තාව හෙල සිර කිරීමෙන් ඝාතනය කර ඇති අතර ඝාතනය වීමට පෙර ඇය දූෂණයට ලක්ව ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ මරදන්කේනි පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement