මාර්තු 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 340ක සභිකයන්ට දැනට ගෙවනු ලබන දීමනා මාර්තු 19 වනදා දක්වා පමණක් ගෙවීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.
මැතිවරණය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමුකර ඇත.
එම අදාළ ලිපියෙන් අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න පහතින් දැක්වෙයි,
01 – ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකයක් ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සපයනු ලබන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම්ද.?
02 – දැනටමත් අරඹා ඇති සීමා නීර්ණය හාරහා කොට්ඨාස ප්‍රමාණය හා සභිකයන් අඩු කිරීම සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මැතිවරණ ක්‍රමය කුමක්.?
03 – එම නව සභික ප්‍රමාණය 50%ක් පමණ එනම් 4,000 ක් හෝ 5,000 ක ප්‍රමාණයක් දක්වා අඩු කරනවිට දැනටමත් ඇති කාන්තා කෝටාව හා සම්මත කිරීමට නියමිත තරුණ කෝටාව යන දෙකම 25% බැගින් ඇතුළත් කරන්නේද?,
ඒ සඳහා අවශ්‍ය එකඟතා ලබාගෙන තිබේද.?
04 – දැනටමත් ආරම්භ කර ඇති ජන සභා වැඩසටහන මෙයට අන්තර්ගත කරන්නේද.?
ඒ සඳහා වැඩපිළිවෙලක් තිබේද.?