මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

මැතිවරණය පැවැත්වීමට මේ වන තුරුත් අවශ්‍ය මුදල් නොලැබීම නිසා අනපේක්ෂිත අර්බුද රැසකට මුහුණදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සදහන් කරයි.

රජයේ මුද්‍රණාලය මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා මුදල් ලැබෙන තෙක් නිකුත් කරන්නේ නැති බවත් එමගින් තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දුන් අවස්ථා ගිලිහී ගිය බව සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සදහන් කරයි.

මෙම තත්ත්වය මත එළඹෙන අප්‍රේල් 25 වන දිනට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බැවින් අවශ්‍ය පහසුකම් හා පසුබිම සාක්ෂාත් වීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මැතිවරණය සදහා මුදල් ලැබෙන දිනයක් පෙනෙන තෙක් මානයක දක්නට නැති බවත් මැතිවරණය පැවැත්වීම තවත් මාස කිහිපයකටම කල් යනු ඇති බවද මැතිවරණය කොමිසම ආරංචි මාර්ග වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close