මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නිමල් පුංචිහේවා ද සිය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව වාර්තා වේ.
ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් බඳවා අයදුම්පත් කැඳවීමේ තීරණයෙන් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුවනු ඇති බවද වාර්තා වේ.
ව්‍යවස්ථා සභාව විසින් එහි මංගල රැස්වීමේදීම ස්වාධීන කොමිසන් සභා නවය සදහා නව සාමාජිකයන් පත් කිරීමට තීරණය කර ඇති අතර සාමාජික පී.එස්.එම්. චාල්ස් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
මැතිවරණ කොමිසන් සභාව, රාජ්‍ය සේවා කොම්සම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණ කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම සදහා ඒ අනුව නව සාමාජිකයන් පත් කිරීම සිදුකරයි.